ඊයේ (24) දින උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිඳු කරන ප්‍රශ්න පත්‍ර 10 ක ආචාර්‍යවරුන් සිය කටයුතු ආරම්භ කළ බවත් , සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වන දා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
“ඇත්ත වශයෙන්ම මම එක පැත්තකින් ස්තූතිවන්ත වෙනවා FUTA එකට. ඒ අය මාත් එක්ක නිරන්තර සංවාදයෙන් හිටියේ. පෙරේදා එවපු ලිපියට පිළිතුරු මම ඊයේ යැව්වා. ඒ අය සාධනීය ලෙස ඒක ගැන බලාවි. අද වෙද්දි ඒ ප්‍රශ්නය විසඳෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඊයේ පේපර් 10ක චීෆ්ලා ඇවිල්ලා ඒ කටයුතු ආරම්භ කළා. තව වැඩක් අපි කළා මේ විභාගයේ ප්‍රතිඵල දීම ප්‍රමාද වීම වැළැක්වීමට වෙනදාට න්‍යායාත්මක ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවනේ පස්සේ තමා ප්‍රායෝගික පරීක්ෂණ පටන් ගන්නේ. මේ සැරේ අපි ගුරු සංගම් ටික එකඟවුණ නිසා අපිට පුළුවන් වුණා ප්‍රායෝගික පරීක්ෂණ කලින් තියන්න. ඒ වගේම මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩිකරන්න කටයුතු කරගෙන යනවා විභාග දෙපාර්තමේන්තුව. එතකොට විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවට ගතවෙන කාලය අඩුකරගන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට සියලු කටයුතු සුදානම් කරගෙන යනවා සාමාන්‍ය පෙළ විභාගය 29 වනදා පැවැත්වීමට. දින 10 කදී සාමාන්‍ය පෙළ අවසන් වෙනවා.”














































