තායිරාජා , කණ්ඩුල රාජා හෝ තායිලන්තයෙන් මෙරටට හිමිවූ කිසිදු ඇතෙකු යළි ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජයේ තීරණයක් නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් පවසයි.
එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ විවිධ පළවීම් දුටුවත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කිසිදු තීරණයකට එළැඹ නොමැති බව තානාපතිවරයා සඳහන් කළේය.
අද (06) පෙරවරුවේ මහනුවරට පැමිණි තායිලන්ත තානාපතිවරයා , ශ්‍රී දළඳා මාළිගාවේ දී දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ආශිර්වාද ලබා ගත්තේය. දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල විසින් තානාපතිවරයා පිළිගන්නා ලද අතර අනතුරුව විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී ඔවුන් සාකච්ඡාවක නිරත විය .
මුතුරාජා ඇතු මේ වන විට සුවයෙන් පසුවන බව එහිදී කී තානාපතිවරයා , සත්‍ය නොවන පුවත් හේතුවෙන් මහත් අර්බුද නිර්මාණය වී ඇතැයි සඳහන් කළේය.
මදකිපීම හේතුවෙන් ඇත් පංතියෙන් වෙන් කොට විවේක කාලයෙන් ගත කරන තායිරාජා ඇතු නිරීක්ෂණය සඳහා තානාපතිවරයාගෙන් සමන්විත දූත පිරිස සුදුහුම්පොල රජමහා විහාරයට පැමිණියෝය.
යම් යම් සිදුවීම් වාර්තා වුවත් අලි ඇතුන් පීඩාවට පත් කිරීමක් සිදු නොවන බව ශ්‍රී දළඳා මළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල එහිදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය . අලි ඇතුන් සඳහා ප්‍රමාණවත් අයුරින් ප්‍රතිකාර කටයුතු , රැකබලා ගැනීම් කළත් ශල්‍යකර්ම වැනි ප්‍රතිකාරවලින් අනතුරුව සතුන් රැකබලා ගැනීමේ රෝහල් නොමැතිවීම ගැටලුවක් වී ඇතැයි ඔහු පැවසුවේය.
මුතුරාජා ඇතුගේ සිද්ධිය හේතුවෙන් හීලෑ අලි ඇත් භාරකරුවන් මහත් අසීරුතාවට හා සිත් තැවුලට පත් වූ බවද කී දියවඩන නිළමේවරයා බොහෝ පිරිසක් අලි ඇතුන් රැක ගනිමින් ඔවුන්ට සත්කාර කරන බවද පෙන්වා දුන්නේය. තාක්ෂණික වෛද්‍ය උපකරණ හා මෙවලම්වල හිඟතාව සතුන්ට ප්‍රතිකාර කිරීමේ ගැටලුවක් බවට පත්වී ඇතැයි ද දියවඩන නිලමේවරයා සඳහන් කළේය.
නිවෙස් හා විහාරස්ථාන ආදිය අශ්‍රිතව හීලෑ අලි ඇතුන් 100ක් සහ පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන් 200ක් සිටින බව කී දියවඩන නිලමේවරයා එම සත්ත්වයන් රැසක් සුරක්ෂිතව පසුවන බව වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී දළඳා මාළිගාවේ අලි ඇතුන්ගේ ප්‍රතිකාර භාරව කටයුතු කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්‍ය අශෝක දංගොල්ල ද මේ අවස්ථාවට එක්විය.
( ලංකා සර )













































