මාධ්‍ය වාර්තා පළ වූ ආකාරයට “තමන් ජීවත් වන නිවසට අයත් වත්තේ ගංජා පැල 25ක් වගා කර නොතිබූ අතර තිබුණේ ගංජා පැල 8ක් පමණක් බව” ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
ගොඩකවෙල පොලීසියට ලද තොරතුරක් මත ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වාසය කරන නිවස පරික්ෂා කිරීමේ දී නිවසේ ස්ථාන කිහිපයක අඩි 3ක පමණ ගංජා ගස් සොයාගත් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිවසේ නොසිටි බැවින් ඔහුගේ බිරිඳගේ පියා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
පසුව එම සැකකරු සහ එම ගංජා පැල ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු විසින් වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට රුපියල් හය දහසක දඩයක් නියම කර තිබේ.














































