ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මස සිදු කෙරන අතර එම සමාලෝචනය සිදු වන තෙක් දැනට සිදුකර ඇති ප්‍රතිසංස්කරණවල කිසිදු වෙනසක් නොකරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දක්වූ රාජ්‍ය ආමාත්‍යවරයා ,
“අපි සැප්තැම්බර් මාසය වෙද්දි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළවෙනි සාමාලෝචනයට මුහුණදෙන්න තියෙනවා. එතැනදි අපි දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන අවසන් කිරීමත් , විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමත් , අපි විදේශීය ණයහිමියන් සමග ඇතිකර ගත් එකඟතා කොතෙක් දුරට සම්පූර්ණ කරලා තියෙනවා ද කියන කාරණාවත් වැදගත් වෙනවා. ඒ නිසා පළමු සමීක්ෂණය සිදුවන තෙක් දැනට සිදුවෙලා තියෙන ප්‍රතිසංස්කරණ කිසිවක් අපිට ආපස්සට හරවන්න බෑ. ඉදිරියේ දී වුණත් අපිට අලුතින් වෙනස්කම් කරන්න පුළුවන් ද කියන එක හිතන්න පුළුවන් වෙන්නේ අපේ කොතෙක් දුරට ආර්ථික ශක්තිමත් වෙලාද කියන කාරණය තුළ. කෙටි කාලීනව ආර්ථිකය ශක්තිමත් වීම දීර්ඝ කාලීනව සිදුවුණ ශක්තිමත් වීමක් ලෙස සැලකීමක් මේ මොහොතේ සිදුකළ යුතුව නෑ. දේශපාලන ස්ථාවරත්වය අද ගොඩනැගිලා තියෙනවා. ආර්ථික ස්ථාවරත්වයට ගොඩනැගීමට අවශ්‍ය පසුබිම හැදිලා ගොඩනැගීම පෙන්නුම් කරලා තියෙනවා. මේ වසර අග වෙද්දි මීට වඩා ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන්න අපට පුළුවන්.”