විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු සහ සැකකාරියක් රඹුක්කන පොලිසිය විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
විදේශ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් රුපියල් 820,000 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රඹුක්කන පොලිස් ස්ථානයට ලද පැමිණිලි 06කට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙවැනි ආකාරයට දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා මුදල් වංචා කර ඇති බව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මොවුන්ට විරුද්ධව පැමිණිලි කිරීම සඳහා පුද්ගලයින් 46 දෙනෙකු ඉදිරිපත් වුණු බව වාර්තා වේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ සිංහගිරි , බෙලිගොඩපිටිය , රඹුක්කන ලිපිනයේ පදිංචි අඹු සැමි යුවළක් වන අතර මොවුන්ගේ වංචාවලට හසු වූ තවත් අය සිටී නම් ඒ සම්බන්ධයෙන් ලඟම තිබෙන පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය දන්වා තිබේ.














































