පක්ෂ මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන් සිටින්නේ තිගැස්මෙන් බවත් , පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තීන්දුවත් සමඟ මේ තිගැස්ම ඇතිවී තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නසීර් අහමඩ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ගැන ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂ මාරු කළ සමහරුන් ඇමති තනතුරු දරන බවත් , තමන්ගේ මන්ත්‍රීකම මෙන්ම ඇමති තනතුරු අහිමි වේයැයි යන බියක් ඔවුන්ට තිබෙන බවත් ය.
අදාල බිය ඔබට නැද්දැයි මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමා පක්ෂය මාරු නොකළ බැවින් එවැනි බියක් තමාට ඇති වන්නට හේතුවක් නැති බවයි.














































