හැටන් ප්‍රදේශයේ මාධ්‍යවේදියකුට දුරකථනයෙන් බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
හැටන් ප්‍රදේශයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන සුන්දරලිංගම් යන අයට මෙසේ දුරකථනයෙන් අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ඔහු විසින් 23වන දින හැටන් මුලස්ථාන පොලීසිය වෙත සි. අයි. බී. 245/170 යටතේ පැමිණිලි කර ඇති බව සදහන්.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී අදහස් දැක්වූ හැටන් පොලීසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවයි.














































