පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුට පහර දුන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හිස් වැසුම් නොමැතිව ධාවනයේ යෙදුණු යතුරුපැදිකරුවෙකු පරීක්ෂා කිරීමට යාමේදී එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි තවත් කාන්තාවක් පොලිස් නිලධාරියා සමඟ ආරවුලක් ඇති කරගෙන පසුව ඔහුට පහර දීමක් සිඳු කර තිබේ.
මෙම පහර දීමට අදාළ සැකකරුවන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සදහන්.
එමෙන්ම සැකකරුවන් තිදෙනා පට්ටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 , 22 සහ 51 හැවිරිදි අය වන අතර ඔවුන් අද (25) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා කරයි.
 
	    	



























 
		    

















