ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ද්විත්ව කරමල් කැසොවරි කුරුල්ලන් තිදෙනෙක් දෙහිවල සත්වෝද්‍යානය සඳහා ඊයේ (05) රාත්‍රියේ තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව වාර්තා වේ.
මෙලෙස රැගෙන විත් තිබෙන්නේ මාස 9ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනෙකු සහ එක් කිරිල්ලියක් වන අතර මොවුන් ඉතා අලංකාර වන නමුත් පියාසර කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් වේ.
එමෙන්ම මෙම කුරුල්ලන් අඩි 5 ක් පමණ උසට සහ කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරක් දක්වා වර්ධනය වන බව වාර්තා වේ.
තවද තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සිදුවන සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරටින් තායිලන්තයට මීමින්නන් , කළු වඳුරන් , වළි කුකුළන් , වඳුරන් , සර්ප විශේෂ කිහිපයක් යැවීමට නියමිත බව සඳහන්.














































