කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳ සැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝ 1486 ක ප්‍රමාණය සොරාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
සොරාගත් පැරණි පුවත්පත් වල වටිනාකම රුපියල් ලක්ෂ 3 ට අධික බවට පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
වැල්ලවත්ත මැනිං පොදු වෙළෙඳ පොළේ හතර වන මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර, ඉකුත් සැප්තැම්බර් මස 9දින හා පෙරේදා (23) අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවට ඊයේ (24) ඒ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව සදහන්.