මෙරට මුහුණ දී සිටින නියං තත්ත්වය හේතුවෙන් පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් ලෙස සලකා අමාත්‍යංශ තුනක් ඒකාබද්ධව කටයුතු කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන ලද්දේ ජලසම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන යන අමාත්‍යාංශ ඒකාබද්ධව මෙම හදිසි ක්‍රියාකාරී කමිටුව හරහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් , එම අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වන බවත් ය.














































