ගව සොරකමේ ගිය හමුදා සෙබලෙකු ඇතුළු තිදෙනෙකු කහටගස්දිගිලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කහටගස්දිගිලිය පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.
රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමක් ඇති මෙම ගවයා වෙනත් පාර්ශවයකට විකිණීමට සූදානම් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































