ඊයේ (01) දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අසල පිහිටි ස්ටූඩියෝ ආයතනයක සිඳු කරගෙන ගිය කූඨ ලේඛන සැකසීමේ ස්ථානයක් වැටලූ අවස්ථාවේ දී සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම වැටලීම සිඳු කළ අවස්ථාවේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල නීතීඥවරුන්ගේ සහ සමාදාන විනිසුරුකරුවන්ගේ නිල මුද්‍රා 260ක් , ව්‍යාජ ලෙස සකස් කරමින් තිබූ රක්ෂණ කාඩ්පත් , ව්‍යාජ හැඳුනුම්පත් 3ක් , ව්‍යාජ ලේඛන සැකසීමට දත්ත ගෙන්වා ගත් දත්ත ඇතුළත් ජංගම දුරකථනයක් සහ තවත් උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගත් බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31 සහ 70 යන වයස්වල පසුවන්නන් ය.
සැකකරුවන් අද (02) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.














































