පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු බලහත්කාරයෙන් රැගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ත්‍රිකුණාමලය මරතඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය විසි පස්වෙනිදා මරතඩිය හන්දියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරු අධික ලෙස බීමත්ව ත්‍රීරෝද රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ බව සදහන්.
එම අවස්ථාවේදී එතැනට පැමිණි මෙම සැකකරුවන් පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කර පරුෂ වචනයෙන් බැණ වැදී අත්අඩංගුවේ සිටි සැකකරු රැගෙන පලාගොස් ඇති බවට පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































