මීලග පරම්පරාවේ න්‍යෂ්ටික බලය සහිත සම්බැරීන් නිෂ්පාදනය සදහා ඇමරිකාව,බ්‍රිතාන්‍ය , ඕස්ට්‍රේලියාව එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
එම රටවල් තුන එක්ව ගොඩනගාගත් ගිවිසුමට අනුව ඕස්ට්‍රේලියාව මූලික වශයෙන් ඇමරිකාවෙන් න්‍යෂ්ටික බලය සහිත සම්බැරීන් තුනක් මිලදී ගැනීමට නියමිත අතර ඉන්දු පැසිපික් කලාපයේ චීන බලපෑමට එරෙහිව ප්‍රහාරක හැකියාව වර්ධනය කරගැනීමේ අරමුණ සහිතව එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවට වාර්තා වේ.















































