ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම , විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා , රෝහල්වල සාත්තු නිවාස වල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගී නඩත්තු කිරීම , පිළිගැනීම , රැකවරණය , පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා හෝ වැඩ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.














































