ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් ත්‍රී රෝද රථ ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව අද (29) මාධ්‍යම රාත්‍රියේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකම මෙම ගාස්තු සංශෝදනය වලංගු වන අතර සෑම කිලෝ මීටරයකටම රුපියල් 20කින් අඩු කිරීමට පියවර ගන්නා බවත් දෙවන කිලෝ මීටරය රුපියල් 80 කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදු කරන ලෙසට ත්‍රී රෝද රථ රියදුරන්ට උපදෙස් ලබා දුන් බවත් ත්‍රී රෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම හිතුමතේට ගාස්තු අය කරන ත්‍රී රෝද රථ හිමියන් සඳහා රජය විසින් වහාම වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































