බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ රන් භාණ්ඩ සොරා ගන්නා කාන්තාවන් තිදෙනෙකු මගීන් පිරිසක් විසින් අල්ලා කිලිනොච්චිය පොලිසියට භාරදී තිබෙන බව වාර්තා වේ .
පරන්තන් ප්‍රදේශයේදී බස් රථයක් තුළ කාන්තාවකගේ රන් මාලයක් සොරා ගැනීමට තැත් කළ අවස්ථාවේ දී එම බස් රථයේ සිටි මගීන් විසින් සැකකාර කාන්තාවන් ග්‍රහණයට ගෙන පොලිසිය වෙත භාර දී තිබේ.
පොලිස් අත්අඩංගුවට ගත් කාන්තාවන් පුත්තලම සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකාරිනියන්ය.














































