මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.
අද (23) දහවල් 12.45ට පමණ අදාළ තරුණයින් මුහුදේ දියනෑම සඳහා ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට මීගමුව පොලීසිය සඳහන් කර තිබේ.
අතුරුදහන්ව ඇත්තේ ඩයගම, චුන්නාකම් සහ චන්දපුරම් යන ප්‍රදේශවල පදංචිව සිටි 20 සහ 23 හැවිරිදි තරුණයින් තිදෙනෙකි.
ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































