එකම රටක එකම වරදට දඬුවම දෙවිදිහක නම් එය ඉතාමත් ශෝචනීය තත්ත්වයකි.මේ පිළිබඳව විනිවිද පදනමේ සභාපති ,මහජන අයිතීන් බලගැන්වීමේ ක්‍රියාකාරී නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ පැවති අන්තර්ජාල සාකච්ඡාවකදි විශේෂ හෙළිදරව් රැසක් සිදු කරන ලදි.
නාගානන්ද මහතා පවසා සිටින්නේ අලි සබ්‍රි මහතාගේ මිලියන 8 යි ගාණක රත්තරන්වලට ලක්ෂ 75ක දඩයක් නියම කළ ප්‍රංශ ජාතිකයෙකුට එම දඩය සම්පූර්ණයෙන්ම ගෙවිය යුතු වුවත් , මිලියන 15ක රත්තරන් ඇල්ලූ එකේ දඩය වජිර අබේවර්ධනගේ නියෝගය මත සම්පූර්ණයෙන්ම අහෝසි කළ බවත් ය.
එමෙන්ම “නෝනිස් කියන්නෙ බනිස් වගේ” යන්නත් , වජිර අබේවර්ධන මෙවැනි නියෝගයක් නොදුන් බවට ඔළුව බිම තියාගෙන පැවසුවත් දැන් එය පලක් නොවන බවත් , එනම් DIG ලියපු ලිඛිත සාක්ෂි මඟින් එය තහවුරු වන බවත් නාගානන්ද මහතා ප්‍රකාශ කර සිටී.
එසේම තවද එක් පුද්ගලයෙකුගේ මිලියන 154ක දඩය ලක්ෂය දක්වා අඩු කළ බවත් , මෙමඟින් පෙනී යන්නේ රටේ නීතියේ ආධිපත්‍යය බින්දුවටම වැටී ඇති බවත් නාගානන්ද මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටී.
මෙලෙස අයුක්තිසහගත ලෙස නීතිය පරයා යමින් පවතින මොහොතක දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන්,පොලිස්පති ,නීතිපති ආදී කිසිදු දේශපාලන පක්ෂයක් පිළිබඳ විශ්වාසයක් නොතබා සිටින්නට ජනතාව දැන සිටිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම එකම රටක එකම වරදට දඬුවම් දෙකක් .එනම්, ප්‍රංශ ජාතිකයාට එකයි රයිම්ට එකයි වෙන්න බැරි බවත් , එය වැරදි ක්‍රියාවක් බවත් , හරිනම් රේගු අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්විය යුතු බවත් නාගානන්ද මහතා ප්‍රකාශ කර සිටී.
තවද,නීතිය බලගන්වන්න තිබෙන නීතිපති දෙපාර්තමේන්තුව , රේගු දෙපාර්තමේන්තුව බිඳ වැටී අවසන් බවත් , ජනතාව නියෝජනය කිරීමට කිසිවෙකුත් නොමැති වීම හේතුවෙන් ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත් වී ඇති බවත් නාගානන්ද මහතා වැඩි දුරටත් අවධාරණය කරයි.
මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා පහත විඩියෝව නරඹන්න.















































