ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සහ එරට රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ප්‍රධානත්වයෙන් කෘතීම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර සමුළුව පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත් වූ අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එක්වූ බව වාර්තා වේ.
මෙම සමුළුව සඳහා ඊශ්‍රායලය , ජර්මනිය , ඉතාලිය ඇතුළු රටවල් රැසක නියෝජිතයන් සහභාගී වී ඇති අතර මෙම සමුළුවේදී කෘතීම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදා හැරීම මර්දනය කිරීමට ලොව සියලු රටවල් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූ බව සඳහන් වේ.














































