ජනාධිපතිවරයා කියන සුන්දර ලෝකය 2048 දී බිහිවන තෙක් ජනතාව බඩගින්නේ තියන්න පුළුවන් දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ කතාව පිළිබඳ විරුද්ධ පාර්ශ්වය ගෙන ආ කල් තැබීමේ විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
2048 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළද මේ ප්‍රශ්න විසදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බව සදහන්.
එමෙන්ම ලංකාවේ දිළිඳුකම දෙගුණයකින් වැඩි වී ඇති බවත් , ජනගහනයෙන් 33% ක් තුන්වේල කන්නෙ නැති බවත් , ජන ගහනයෙන් 48% ක් ගන්නා කෑම ප්‍රමාණය අඩු කර තිබෙන බවත් , රටේ ණය ප්‍රමාණය වැඩි වී ඇති බවත් ලෝක බැංකුව විසින් පුරෝකථනය කර තිබෙන බව තිස්ස අත්තනායක මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.














































