මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් කාසල්රි, මාඋස්සාකැලේ, ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ලගාවෙමින් පවතින බවට එම ජලාශ බාර නිලධාරියකු ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව 17වන දින උදෑසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 05යි අගල් 02කින්ද ලක්ෂපාන ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අගල් 05කින්ද, විමලසුරේන්ද්‍ර ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 07කින්ද, මාඋස්සාකැලේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 01යි අගල් 08කින්ද පහලින් පවතින බව වාර්තා වේ.
එමෙන්ම කැනියන් ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමත් සමග එහි එක් වාන් දොරටුවක් අගල් 03ක් විවෘත කිරිමට පියවර ගෙන ඇති බවත් ජල විදුලිය නිපදවිම සදහා මෙම ජලාශවල ජලය උපරිම ලෙස ලබා ගන්නා බවත් එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














































