මත්ද්‍රව්‍ය වැටලීමක නිරතවී සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුව කපා කොටා තුවාල සිදුකර ඇති අතර ඉන් එක් නිලධාරියෙකු ඊයේ (31) පස්වරුවේ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
කොළඹ, මාළඹේ ප්‍රදේශයට අනියුක්තව රාජකාරී කරන නිලධාරීන් දෙදෙනෙකු මෙසේ පහර කෑමට ලක්වී ඇති බවත්, කැපුම් තුවාල සිදුවූ එක් නිලධාරියෙකු කළුතර ශික්ෂණ රෝහලට යොමුකර ඇති බවත් මතුගම පොලීසිය වැඩි දුරටත් සඳහන් කර තිබේ.
වාර්තා වන ආකාරයට සැකකරුවන් විසින් අදාළ නිලධාරීන්ව මතුගම, සිරිකදුල ප්‍රදේශයකට රැගෙන ගොස් නිලධාරීන් සන්තකයේ තිබූ මුදල් උදුරා ගැනීමට යෑමෙන් දෙපිරිස අතර ගැටුමක් හටගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා විමර්ශන සිදුකරන බව සඳහන් වේ.














































