පාසැල් සිසුන් අතරේ දුම්කොළ භාවිතය ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිවරයා ,
“පහුගිය අවුරුදු 3ක කාලය තුළ අයිස් භාවිතයේ වැඩිවීමක් ශ්‍රී ලංකාව තුළ තිබුණත් , දැන් මේ මාස 6 ක කාලය ඇතුළත යම් ආකාරයක පාලනයක් තියෙන බව සියලු දෙනාම පිළිඅරන් තියෙනවා. පොලිස් වාර්තාවලින් , අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාවලින්, පාසල් පද්ධතියෙන් තොරතුරු එකතු කරලා බැලුවහම අපිට පේනවා පාලනයක් තියෙන බව. කිසිසේත් පාසල් පද්ධතියට මේ අයිස් මත්ද්‍රව්‍ය පැමිණීම කියන එක සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. හැබැයි පාසල්වල තියෙන ගැටලුව තමා දුම් නොනගින දුම්කොළ යම් ශිෂ්‍යයින් පිරිසක් අතර භාවිතයක් තියෙනවා. ඒ දුම්කොළ කටේ තියාගෙන ඉන්න එකත් ඉතාමත්ම හානිදායකයි. ඒක තමා දොරටුව අනෙකුත් මත්ද්‍රව්‍යවලට යන්න. ඒ නිසා පාසල් පද්ධතිය තුළට අයිස්, හෙරොයින් ආවේ නැතත් හුඟාක් වෙලාවට දුම්කොළ වගේ දේවල්වලින් පටන් ගත්තහම ඔවුන් පාසලෙන් පිටව ගොස් මත්ද්‍රව්‍යවලට යොමුවීමේ නැඹුරුතාවය වැඩිවෙනවා.”













































