සඳ ගමනට අදට වසර 54ක් සපිරෙන බව වාර්තා වේ.
සඳ ගමන සදහා රටවල් 137ක් දායක වූ අතර ආතර් සී ක්ලාක් ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා නිසා ශ්‍රී ලංකාවටද එම කටයුත්තේදී සුවිශේෂ තැනක් හිමි වූ බවට ආතර් සී. ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
1969 ජූලි 20 වැනි දින සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙස ඉතිහාසයට එක් වූයේ නීල් ආම්ස්ට්‍රෝන් ය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ ” මෙය මිනිසෙකුට කුඩා පියවරක් පමණි.නමුත් මිනිස් සංහතියේ යෝධ පිම්මකි ” යන්නයි.
 
	    	



























 
		    

















