ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 159 වන ජන්ම දින සැමරුම අදට (17) යෙදී ඇති බව වාර්තා වේ.
ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට මාළිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේ සැමරුම් උත්සවයක් සංවිධානය කර ඇති බව සඳහන්.
එසේම ගම්පහ බස් නැවතුම්පොළ ඉදිරිපිට ධර්මපාල පිළිරුව අසලදී ගම්පහ එකමුතුව සංවිධානය විසින් උත්සවයක් සංවිධාන කර තිබූ බව වාර්තා වේ.
1864 වසරේ අද වැනි දිනක උපත ලද අනගාරික ධර්මපාලතුමන් මෙරට බෞද්ධ සහ සමාජ පුනරුදය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ අයෙකි.
මත්ද්‍රව්‍ය උවදුවරට එරෙහිව සහ ලොව පුරා බුදු දහම ප්‍රචාරය කිරීම වෙනුවෙන් ධර්මපාලතුමන් දැඩි කැපවීම් සිදුකරනු ලැබූ බව වාර්තා වේ.