පොලිස් විශේෂ කාර්ය බලකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අදට යෙදී ඇති බව වාර්තා වේ.
එහි ප්‍රධාන සැමරුම් උත්සවය කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියස පැවැත්වෙන අතර මෙම උත්සවයට සමගාමීව විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර ,කතරගම ,අම්පාර යන කඳවුරු තුළ පිහිටි රණවිරු ස්මාරක අභියසද සැමරුම් සංවිධානය කර ඇති බව සඳහන්.
යුද්ධය හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 464 දෙනෙකු සහ කම්කරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර නිලධාරින් 744ක් ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.














































