මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද (29) රාත්‍රියේ වීථි සංචාරය කෙරෙන අතර මහනුවර නගරයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව අද (29) රාත්‍රී 7.15 ට යෙදෙන සුබ මොහොතින් සිව්වන දළදා රන්දෝලි පෙරහැර යටිනුවර වීදිය , හරස් වීදිය , කොටුගොඩැල්ල වීදිය , කන්දේ වීදිය , ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළට ගමන් කර මාළිගාවට පැමිණෙන අතර පොලීසිය සඳහන් කර ඇත්තේ එම කාලය තුළ අදාළ මාර්ගයේ ගමන් කරන ජනතාවට විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසයි.