අද මහනුවර රථ වාහන සැලැස්ම.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද (29) රාත්‍රියේ වීථි සංචාරය කෙරෙන අතර මහනුවර නගරයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අද (29) රාත්‍රී 7.15 ට යෙදෙන සුබ මොහොතින් සිව්වන දළදා රන්දෝලි පෙරහැර යටිනුවර වීදිය , හරස් වීදිය , කොටුගොඩැල්ල වීදිය , කන්දේ වීදිය , ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළට ගමන් කර මාළිගාවට පැමිණෙන අතර පොලීසිය සඳහන් කර ඇත්තේ  එම කාලය තුළ අදාළ මාර්ගයේ ගමන් කරන ජනතාවට විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසයි.

Exit mobile version