ඇතැම් පිරිස් දුම්රිය මාර්ගවල උපාංග ගැලවීම හේතුවෙන් දුම්රිය ධාවනය අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි වී.එස් පොල්වත්තගේ සදහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේ සදහා පෙළඹී ඇති බවයි.
පසුගිය දිනවල සිදුවූ දුම්රිය පීලි පැනීම් කිහිපයකටම හේතුව දුම්රිය මාර්ගයේ උපාංග ගැලවීම බවට මේ වනවිට අනාවරණය වී ඇති බව සදහන්.














































