දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය මේ වනවිට අවසන් කර තිබෙන බව වාර්තා වේ .
ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්.සේනානායක මහතා ප්‍රකාශ කළේ ඊයේ (13) රාත්‍රීයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව එම වැඩ වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බවයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 12 වැනිදා සිට දුම්රිය රියදුරන් 84 දෙනෙකු විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.














































