පසුගිය කාල සීමාවේ පැවති අමුද්‍රව්‍ය හිඟතාවයෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල වී තිබූ බවත් , මේ වන විට දෛනිකව ත්‍රිපෝෂ ඇසුරුම් 90,000ක ධාරිතාවයක් නිෂ්පාදනය කරන බවත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ත්‍රිපෝෂ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල ඇෆ්ලටොක්සින් තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා තාක්ෂණික උපකරණයක් යොදා ගන්නා බව එහි සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කර තිබේ.














































