අපල දුරු කර ගැනීම සදහා සිය ආච්චි අම්මා සමග වීරවිල ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දේවාලයකට ගිය කුඩා දරුවෙකුගේ අත පිළිස්සී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය වාර්තා කරයි.
අපලය දුරු වෙන්නැයි බෝධි පූජා පවත්වා අනතුරුව විහාරාධිපති හිමි කපුරු පෙත්තක් දරුවාගේ අල්ලමත තබා දැල්වීම නිසා දරුවාගේ දකුණු අත තදබල ලෙස පිළිස්සී ඇති බව පොලිසිය සදහන් කරයි .
පිළිස්සුණු තුවාල සහිතව දරුවා වීරවිල රෝහලටත් ඉන් පසු හම්බන්තොට රෝහලටත් ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලටත් ඇතුළත් කළ බව සදහන්.
විහාරාධිපති හිමිනම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.














































