පළාත් ආණ්ඩුකාරවරයා අසාධාරණ අමතර පන්ති වළක්වමින් ප්‍රතිපත්තිමය තීරණයට අත්සන් තබයි.
ගුරුභවතුන් තම පාසලේ තමන් උගන්වන පන්තියේ දරුවන්ට පාසල් වේලාවෙන් බැහැරව මුදල් අයකරමින් අමතර පන්ති පැවැත්වීම වළක්වාලමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් යු.බී හේරත් මහතා විසින් අංක PDE/2023/01 හා 2023.06.08 දිනැතිව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාල ලේඛනයේ සදහන් පරිදි යහපත් චේතනාවෙන් මුදල් අයකිරීමකින් තොරව අමතර දැනුම දරුවන්ට ලබාදෙන ගුරු භවතුන්ට කිසිදු බාධාවක් ඇති නොවන අතර, මෙම යෝජනාව දරුවන්ට වන අසාධාරණය වළක්වාලමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ලබාගත් තීරණයකට අනුව ක්‍රියාත්මක වන අතර, වඩා සාධාරණ පාසල් අධ්‍යාපනයක් පළාත තුල ස්ථාපිත කිරීම එමගින් අරමුණ වී ඇති බව පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටී.
( සරත් සමරනායක )