සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ කළුතර උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු 30 හැවිරිදි උපකාරක පන්ති ගණිත ගුරුවරයෙකු වන අතර මොහු විවාහකයෙකි.
සැකකරුගේ බිරිඳ ඔහුට එරෙහිව පොලිසියට පැමිණිලි කර තිබූ අතර පළාගොස් සිටි මොහු,කළුතර ප්‍රදේශයේ දීම අත්අඩංගුවට ගෙන තිබේ.
අතවරයට ලක් වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් නිලධාරිනියකගේ දියණියක් සිටින බව සදහන්.
එමෙන්ම සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16 ක් සම්බන්ධයෙන් අනාවරණය වන බැවින් ඒවා නිරීක්ෂණය කර අගතියට පත් දැරියන් සොයා ඉදිරි විමර්ශණ සිදුකරන බවට කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ප්‍රකාශ කළ බව සදහන්.