අලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා දීර්ඝ කලක සිට නිවසක් සාදා භුක්ති විදින මල්ගමන්දෙණිය ප්‍රදේශයේ පිහිටි කුඹුරු ඉඩමේ කොටස කුඹුරු ඉඩම් ලේඛනයෙන් ඉවත් කර එය ගොඩ ඉඩමක් ලෙස නම් කර ඒ සඳහා ඉඩම් සහතිකයක් නිකුත් කිරීමට සැකකරුවන්ගෙන් අල්ලස් මුදල ඉල්ලා ඇති අතර එම අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්‍යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයෙකු සහ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන ලදී.














































