කල්පිටිය ,අලමන්නාරම මාර්ගයේදී ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් සහ ඊට අනුබල දුන් පුද්ගලයෙකු ඊයේ (22) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ ගංජා කිලෝ 02 ග්‍රෑම් 35ක් තිබූ බව සඳහන්.
අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේදී පුද්ගලයෙක් පළා ගොස් ඇති අතර කල්පිටිය පොලිසිය සඳහන් කළේ ඔහු සොයා වැඩිදුරටත් විමර්ශණ සිදු කරන බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (23) දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට නියමිත බව සඳහන්.














































