ඉන්දියාවේ බුකීකරුවකු වන සෞරබ් චන්ද්‍රකාර් සහ රවී උත්පාල් නම් ඔහුගේ සහයකයා ශ්‍රී ලංකාවේදී රැඳවුම් භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය පොලීසිය ප්‍රකාශ කරන්නේ සෞරබ් චන්ද්‍රකාර් ඉන්දියාවේ පාතාල නායකයකු වන ඩේවුඩ් ඉබ්‍රාහිම්ගේ උදව් ඇතිව අන්තර්ජාලයේ නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් , ඉන්දියාවේ පැවැත්වූ නොයෙකුත් මැතිවරණ සඳහා මෙන්ම ක්‍රිකට් , බැඩ්මිටන් , පෝකර් සහ පාපන්දු වැනි ක්‍රීඩා තරඟවලට ඔට්ටු ඇල්ලීම සඳහා මෙම වෙබ් අඩවිය නීත්‍යානුකූල නොවූ වේදිකාවක් සපයා ඇති බවත් ය.
වාර්තා වන ආකාරයට ජාත්‍යන්තර පොලීසියේ ඉල්ලීමක් මත ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේදී රැඳවුම් බාරයට ගෙන ඇති අතර ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන් දෙදෙනාව ඉන්දියාවට පිටුවහල් කිරීමට නියමිතව තිබේ.















































