ඊයේ (22) උදෑසන නේපාලයට රික්ටර් මාපාංක ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබූ අතර ඊයේ (22) රාත්‍රීයේ 11 ට පමණ ජම්මු – කාශ්මීරයේ කිෂ්ත්වාර් ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 3.5ක ප්‍රබලත්වයෙන් තවත් භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වේ .
එම කලාපයේ කිලෝමීටර් 5ක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බව එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
පැය 24කට අඩු කාලයකදී හිමාලය කඳු වැටිය ආසන්නයේ බලපෑ දෙවන භූ කම්පනය මෙය බව සඳහන් .















































