වෙරළ ආරක්ෂක බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බහුදින යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී වරල් කපා රැගෙන ආ ඇල්ලීම තහනම් කළ කස මෝරුන් 39 දෙනෙක් සොයා ගත් බව වාර්තා වේ.
මෙම කස මෝරුන් සමග එම යාත්‍රාවෙන් බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් එමින් සිටි ධීවරයින් දෙදෙනෙකු ද අත් අඩංගුවට ගෙන තිබේ.මෙම ධීවරයින් දෙදෙනා
අවුරුදු 30 සහ 40 වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.
මෙම මසුන්ගේ මුළු බර කිලෝ 591 යි ග්‍රෑම් 400ක් බව සදහන් කරයි.
මෙම සැකකරුවන් දෙදෙනා නීතිමය කටයුතු සදහා කළුතර ධීවර පරීක්ෂක නිලධාරී
කාර්‍යාලය වෙත භාර දී ඇති බව ද වාර්තා වේ.