මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට රැගෙන යාම සඳහා මුහුදු හක්බෙල්ලන් 3600ක් ගබඩා කර ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරුවන් දෙදෙනා කල්පිටිය – අල් මන්නාරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබී හක්බෙල්ලන් තොගය පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම තොගය පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.














































