නිරිතදිග කොලොම්බියාවේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
නිරිතදිග කොලොම්බියාවේ ටිම්බා පොලිස් ස්ථානය ආසන්නයේ මෝටර් රථයක් තුළ මෙම පිපිරීම සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පිපිරීමෙන් අසල පිහිටි රෝහලට ,නිවාසවලට සහ වෙළෙඳ ආයතනවලටද හානි සිදුව ඇති බවයි.
ප්‍රහාරය ත්‍රස්තවාදින්ගේ ක්‍රියාවක් විය හැකි බවට පොලීසිය සැක පළ කරනු ලබයි.















































