හමාස් සටන්කරුවන් විසින් තවත් ප්‍රාණඇපකරුවන් දෙදෙනෙක්ව නිදහස් කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එසේ නිදහස් කර ඇත්තේ, ඊශ්‍රායල ජාතික කාන්තාවන් දෙදෙනෙකි.
ඊජිප්තුව හා කටාර් බලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඔවුන්ව නිදහස් කර ඇති බව වාර්තා වේ.
එම කාන්තාවන් දෙදෙනා 79 හැවිරිදි වියේ සහ 85 හැවිරිදි වියේ පසුවන බව සදහන්.