ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් සෑදීමට ජනපතිගේ අවධානය යොමු වූ පුවතක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජෙයි ෂා ජනපති හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳව සදහන් කර ඇති අතර එහිදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ජෙයි ෂා පවසා ඇත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට නම් තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් අවශ්‍ය බවයි.
එහිදී ජෙයි සා පවසා තිබුණේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් සෑදීමට පහසුකම් සපයන්නේ නම් ඔවුන්ට ක්‍රීඩාංගණ දෙකක් සාදා දීමට හැකි බවයි.
එම අවස්ථාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාපිටිය සහ ගාල්ල ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට කටයුතු කරන බවයි.
එහිදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ යාපනය ප්‍රදේශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට පහසුකම් සලසා දෙන ලෙසයි.
යාපනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමෙන් අයි.පී.එල් තරගාවලියේදී චෙන්නායි හි පැවැත්වීමට නියමිත තරග යාපනයේ පැවැත්විය හැකි බවත්,ඉන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයත් දියුණු කළ හැකි බවත් ජෙයි ෂා පෙන්වා දෙන ලදි.
එමෙන්ම සෑම ගමකටම එක් ක්‍රීඩා පිටියක් බැගින් සාදා දීමටද අවශ්‍ය පියවර ගන්නා බවට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ජනාධිපතිවරයාට පවසා තිබෙන බව වාර්තා වේ.