ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (31) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අද දිනයේ පළමු තරගය ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අතර එම තරගය අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.
මේ අතර අද දිනයේ දෙවැනි තරගය බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අතර එම තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.













































