ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන් බවට ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ .
මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 16 සහ 18 වයසේ පසුවන 11 වෙනි ශ්‍රේණිය හා 12 වන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙක් බව සඳහන් වේ.
ගම්පහ නගරයේ පාසල් සිසුවිය පාසල නිමවී යන විට අතුරුදහන්ව ඇති බවත් , අනෙක් සිසුවිය ඊයේ (28) පාසල් නොගොස් වෙනත් පාසලකට යන බව නිවසට පවසා ගොස් ඇති බවත් වාර්තා වේ .
මෙම සිසුවියන් දෙදෙනා වැලිවේරිය සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථානය පොලීසියත් වැලිවේරිය පොලීසියත් පරීක්ෂණ සිදු කරන බව සඳහන් .















































