කොළඹ වරායත් සරසන්න නියමිත මීට දෙසතියකට පෙර මුහුදට ආ ලොව විශාලතම බහාලුම් නෞකා ද්විත්වය.
දිගින් මීටර් 400ක් ද පළලින් මීටර් 61.3ක් වන මෙම නෞකා ද්විත්වය නෞකා 10කින් ස්මන්විත ස්විස්ටර්ලන්තයේ Mediterranean Shipping Company S.A (MSC) ට අයත් 24346 TEU පන්තියේ මුල් සහෝදරියන් දෙදෙනාය.
මෙම නෞකා 10 ම නිපදවීමට නියමිතව ඇත්තේ මහජන චීන රාජ්‍ය නෞකා ඉදිකිරීමේ සංස්ථාවේ (CSSC) යෝද නැව් තටාකාංහන 3ක් තුළය.එසේම මෙම සියලු නෞකාද බල ගන්වෙන්නේ CSSC ටම අයත් WinGD සමාගම නිර්මාණය කළ කිලෝවොට් 71,000 ක බල ධාරිතාවයකින් යුත් WinGD – 11 X92 ( පැරණි Wartsila – RT / Flex ) එන්ජින් වලිනි.
ලොව විශාලතම බහාලුම් නෞකාව නැතහොත් The flagship of world container fleet කිරුළ ගිය වසරේ තිබුණේ Evergreen සමාගමේ Ever Alot (24004 TEU) පන්තිය සතු වූ අතර එය මේ වසර මුලදී MSC Tessa (24116 TEU) සහ OOCL Spain (24188 TEU) වෙතට මාරු විය. එම පරිමාව 24346 TEU දක්වා ඉහළට රැගෙන ඒමට MSC Irina සහ MAC Loreto ද්විත්වයට හැකියාව ලැබී තිබේ.
මෙම නෞකා ද ඒවා මෙහෙයුම් කිරීමට හැකියාව ඇති එකම සේවා මාර්ගය වන චීනය සහ බටහිර යුරෝපය අතර සේවයේ යෙදවෙන අතර මේ යෝධ නෞකා පන්තිය ද ඉදිරියේ දී කොළඹ වරායට යන එන ආකාරය දැක ගැනීමට හැකි වනු ඇත.
( නාවික ඉංජිනේරු විශ්ව චින්තනගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී. )
( ලංකා සර )