ලංකා බැංකුවේ ඇඹිලිපිටිය නවනගර ශාඛාවේ සහකාර කළමනාකරු ඊයේ රාත්‍රී 12.45ට පමණ බීමත්ව රිය පදවා පුද්ගලයන් තිදෙනකු යටකරගෙන ගොස් ඉන් දෙදෙනෙකු මිය ගොස් අනෙක් පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබන බැව් වාර්තා වේ.
අපට වාර්තාවන ආකාරයට මෙම කළමනාකරු ඊයේ (24) රාත්‍රියේ බීමත්ව රිය පදවා ඇති අතර ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ ඇඹිලිපිටිය රථවාහන පොලිස් නිලධාරීන් වන පොලිස් සැරයන් සමන් හා පොලිස් කොස්තාපල් කසුන් යන නිලධාරින් දෙදෙනකු විසිනි.
ඇඹිලිපිටිය, මොරකැටිය පාරේදී අත් අඩංගුවට ගෙන ඔහු පොලිස් ස්ථානයට ගෙනවිත් පොලීසියේ රාජකාරිය සිදුකරනා විට ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු වන නිමල් විජයමුණි මහතා විසින් ඔහුව නිදහස් කර හරින ලෙස පොලිස් නිලධාරීන්ට බලපෑම් කර තිබේ.
ඒ අනුව මෙම බීමත් කළමනාකරු නිදහස් කර තිබෙන අතර ආපසු යනවිට මෙසේ පුද්ගලයන් තිදෙනෙකු යටකරගෙන ගොස් තිබේ.
ඉන් දෙදෙනකු එම ස්ථානයේම මිය ගොස් තිබු බවට ආරංචි මාර්ග පවසයි.
කෙසේ නමුත් සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකථන ඇමතුම ලබා දුන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බවටද ඇඹිලිපිටිය ප්‍රදේශය පුරාවටම කතා බහ පිරි තිබේ. නමුත් එය තහවුරු කරගැනීමට අප අපොහොසත් විය.
සහකාර පොලිස් අධිකාරිවරයාගේ බලපෑම මත කළමනාකරු නිදහස් කර හැරී බවට අපට අවශ්‍ය තහවුරු කිරීම් ලබාගෙන තිබේ.
පොලිස් නිලධාරීන්ට රැකියාව කිරීමේදී එය සිදුකිරීමට සිදුව ඇත්තේ “ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී” ලෙස සිතමින් “ ගිරයට හසු වූ පුවක් ගෙඩිය” සේය. ඔහු නිදහස් නොකළේ නම් ඔහු අත් අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනා “දඩු කඳේ ගසනු” ඇත. එයට හොඳම උදාහරණය වන්නේ “කතානායකගේ නිවස මුරකල පොලිස් නිලධාරියා මුරපොල අතු ගෑවයි පරීක්ෂණ යෙදීමයි”.
පොලිස් නිලධාරීන් තම රාජකාරිය සෙල්ලමට ගැනීම නිසා දිනෙන් දින රටේ අපරාධ බහුල වෙමින් තිබේ.
එසේම නිසි ලෙස රාජකාරීන් කරන පොලිස් නිලධාරීන්ටද, දුෂිත පොලිස් නිලධාරීන්ගෙන් සිදුවන හිරිහැර බහුලව තිබේ. එසේම මහජනතාව වෙනුවෙන් ලබා දියයුතු සේවය පොලිස් නිලධාරින්ගෙන් ඉටු නොවන අතර, පොලිස් දෙපර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගෙන් පහළ නිලධාරීන්ට සිදුවිය යුතු සේවයද ඉටු නොවේ.
එවන් පසුබිමක් තුල තම තමන්ගේ වැරදි නිවැරදි කරගෙන නිසි ලෙස ඉදිරියට ගෙනයාමට සියලුම පොලිස් නිලධාරීන්ට වගකීමක් තිබේ. සහකාර පොලිස් අධිකාරිවරයාට මෙම පුද්ගලයා නිදහස් කිරීමට අවශ්‍යම වුයේ නම් කල යුතුව තිබුනේ මොහුව වෙනත් වාහනයක දමා නිවසට යැවීමයි. එය එසේ නොකර මෙම පුද්ගලයන් මරණයට පත්කිරීමට ආධාර අනුබල දීම ඔහු සිදුකර තිබේ.
නමුත් පොලිස් දෙපාර්තමේන්තුව මෙම පොලිස් අධිකරිවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ස්ථීරය.
(මෙම පුවත වැරදි නම් එයට පිළිතුරු ලබා දී නිවැරදි කරගැනීමට සහකාර පොලිස් අධිකාරිවරයාට හැකිය.)














































