ඊයේ (07) මුලතිව් , මාන්කුලම ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙදනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.
පොලීසිය පවසන්නේ වැඩිහිටි පුද්ගලයෙකු හා දරුවෙකු දර කැඩීමට ගිය අවස්ථාවක මෙම පිපිරීම සිදුවී ඇති බවයි.
අනතුරින් අවුරුදු 84ක් වයසැති වැඩිහිටි පුද්ගලයා සහ අවුරුදු 6ක මුණුබුරා තුවාල ලබා ඇති අතර සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ බඳින තුවක්කුවක් මෙලෙස පුපුරා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.
පිපිරීම සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














































